අපි නොදන්න ඉන්දියානු සිනමාව

අපේ රටේ බහුතර සිනමා ලෝලීන්ගේ සිනමා නිර්මාණ නැරඹීමේ ආරම්භය හෝ වත්මන් නැරඹීම ඉන්දියානු සිනමා පට හා බැඳුනු එකක් වන බව නම් කිව යුතුමයි.ඒ අනුව ඉන්දියානු සිනමාව හා අප අතර ඇත්තේ ලොකු බැඳිමක්.අප රටේ සිනමා නිර්මාණයන්ද ආරම්භක අවදියේ මෙන්ම වර්තමානයේද ඉන්දිය සිනමාවේ ආභාෂය ලබන බව අපි සැම දන්නා කරැණක්.
මේ අපි දන්න ඉන්දියානු සිනමාව ගැන නොදන්න කරැණු කිහිපයක් ⁣බොහෝ විට ඔබ මින් පෙරද මෙි පිළිබඳව අසා තිබෙන්නටත් පුලුවන්.අපේ රටේ වගේම ඉන්දියාවට සිනමා පට හඳුන්වාදෙනු ලබන්නේ බ්රිතාන්යයන් විසින්.යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවේ සිටි බ්රිතාන්යයන් විසින් මෙම සලරෑ ප්රදර්ශනය කර තිබුනා.
ඉන්දියාවේ පළමු සිනමා නිර්මාණය 1912 දී ශ්රී පන්ඩාලික් (shree pundalik) වශයෙන් හැඳින්වුවද එය ජායාරෑප ආශ්රයෙන් සිදු කල නිර්මාණයක් බැවින් එය සිනමා නිර්මාණයක් ලෙස පිලිගන්නට පසුබට වීමක් දක්නට ලැබුනා.
ඉන් පසුව 1913 දී ඉන්දියානු සිනමාවේ පියා ලෙස විරැදාවලිය ලත් දදාසාහෙබ් පාල්කේ (Dadasaheb Phalke) විසින් නිමවන ලද "රාජා හරිෂ්චන්ද්ර" පලමු සලරැව ලෙස වාර්තා අතරට එක්වනවා.
ඉන්දි⁣යාවේ මේ වන විට බොහෝ ජාත්යන්තර මට්ට⁣මේ නිෂ්පාදන සමාගම් බිහිවී තිබෙන නමුත් පළමු සිනමා නිෂ්පාදන සමාගම ලෙස සඳහන් වන්නෙ පර්සියානු ජාතික Jummshedi Framji Madan විසින් ආරම්භ කරන ලද Madan Theatres නම් ආයතනයයි. පසුව එය එල්ෆින්ස්ටන් බයිස්කෝප් සමාගම (Elphinston Baiscope Company) නමින් පවත්වාගෙන ගිය අතර එවකට මේ සමාගම මගින් වසරකට නිර්මාණ 10ක් බෙදා හරින ලදී.මෙම සමාගම යටතේ අප රටේද එල්ෆින්ස්ටන් සිනමා නමින් නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන ලදී.
මෙලෙස ආරම්භ කරන ලද ඉන්දියානු සිනමාව වර්තමානය වන විට දෙස් විදෙස් සිසාරා සිය අණසක පතුරුවමින් විශාල ප්රේක්ෂක ජනතාවක් සිය නිර්මාණයන් වෙතට ඇඳ බැඳ ගන්නට සමත්ව සිටි.සෙලෝලයිඩ් පටයක් මත අපූරැ ලොවක් මවන ඉන්දියානු සිනමාව තුළද ඉන්දියාවේ දක්නට ලැබෙන බහු සංස්කෘතිකත්වය දක්නට ලැබේ.
ප්රාන්ත කිහිපයක් පුරා විහිදි ගිය විවිධ භාෂාවන් කතා කරන විවිධ සංස්කෘතින්ට අයත් රසිකයින් වෙත ඒ ඒ ප්රාන්තයන්වල වෙනම සිනමා කර්මාන්තයක් බිහි විය.ඒ කර්මාන්තයන් වත්මනදී පහත ආකාරයෙන් හඳුන්වනු ලබයි.
ටොලිවුඩ් (තෙළිඟු සිනමාව)
අප පසුගිය කාලයේ නැරඹු බාහුබලි සිනමා නිර්මාණය තෙලිඟු සිනමා නිර්මාණකරැවෙක්ගේ නිර්මාණයක්.අල්ලු අර්ජුන්,රාම්චරන්,ප්රභාස් යනු මෑතක තෙලිඟු සිනමාවේ ජනප්රිය තරැ වේ.විකට රංගන ශිල්පියකු වන බ්රහ්මාන්ඩම් වැඩිම චිත්රපට ප්රමානයක් රඟපෑ නලුවා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියයි.
ටොලිවුඩ් (බෙංගාලි සිනමාවද ඒනමින්ම හදුන්වයි)
බෙංගාලි සිනමාව බොහෝ විට සම්භාව්ය ගනයේ නිර්මාණයන් බිහි කිරිමේ ලා කීර්තියක් උසුලයි.සත්යජිත් රායි යනු බෙංගාලි සිනමාවේ මහ යුග පුරැෂයෙකි.
බෝජිවුඩ් ( බෝජ්පූරි සිනමාව)
හින්දි සිනමාව හා සමඟ දැඩි සමිප බවක් දක්වන නිසාම බොහෝ විට මෙම චිත්රපටවල දක්නට ලැබෙන්නේ හින්දි ශිල්පින්ය.
පහාරිවුඩ්( ඩෝග්රි සිනමාව)
ජම්මු,හිමාචාල්,පන්ජාබ් සිනමා රසිකයින් බහුතරය උදෙසා මෙම සිනමා පට නිපදවේ.
ඩෝල්වුඩ්/ගොලිවුඩ් ( ගුජරාති සිනමාව මෙනමින් හැඳින්වේ)
සැන්ඩල්වුඩ්( කන්නාඩ සිනමාව)
මෙම සිනමාව කෙතරම් දියුනුයිද පවසනවානම් එම ප්රාන්තයේ තනි තිර සිනමා ශාලා 1000 ක් තිබෙි.
මොලිවුඩ්(මලයාලම් සිනමාව)
කේරලය ආශ්රිතව මෙම සිනමා නිර්මාණ බිහිවේ.මමුතී වැනි දැවැන්තයින් මෙම සිනමාවෙන් බිහිවූවන්ය.
ඔලිවුඩ් ( ඕඩිසා සිනමාව)
පොලිවුඩ් (පන්ජාබ් සිනමාව)
කොලිවුඩ් (දෙමල සිනමාව)
අප රටේ අාරම්භක සිනමාපටයේ සිට මේ දක්වාත් අපේ වානිජ සිනමා නිර්මාණ බිහිවන්නේ දෙමල සිනමාව ආභාෂයෙනි.රජිනි කාන්ත්, කමල් හසන්,විජේ, ප්රභුදේවා ආදින් දෙමල සිනමාවේ අප අතර ප්රසිද්ධ නලුවන් කිහිප දෙනෙකි.
ඩෙකැන්වුඩ් ( ඩෙකෑනි,හයිද්රාබාද් උර්දු බස කතා කරන්නන් සඳහා තැනෙන සිනමා නිර්මාණයන් වේ)
බොලිවුඩ් ( හින්දි සිනමා නිර්මාණ)
මේ පිළිබඳව අමුතු හැඳින්වීමක් අනවශ්යයි සිතමි.වත්මන හොලිවුඩයට පසු වඩාත්ම ප්රසිද්ධ සිනමාවක් වේ නම් ඒ බොලිවුඩයයි.
සෙලෝලයිඩ් සුරංගනා ලෝක නිර්මාණයේ වත්මන් ප්රමුඛයා බොලිවුඩයයි.
මේ ආකාරයෙන් භාෂා වශයෙන් සිනමා කර්මාන්ත පවත්වාගෙන යන ඉන්දියානු සිනමාව වසරකට අලෙවි කරනු ලබන ටිකට් පත් ප්රමාණය බිලියන 3.5කි.
වසරකට නිපදවනු ලබන නිර්මාණ ප්රමාණය 1800කි.
ඉන්දියාව පුරා ඇති තනි තිර සිනමා ශාලා ප්රමාණය 6600කි.
බහු තිර සිනමා ශාලා ප්රමාණය 2100කි.
වාර්ෂික ආදායම ඉන්දිය රැපියල් බිලියන 183.2 කි.
බොක්ස් ඔෆිස් ආදායම ඉ.රැ.බිලියන 123.7කි.
සිනමා ශාලා තුල දැන්විම් ප්රදර්ශනයෙන් පමනක් බිලියන 11 ක් ලබයි.
මෙතෙක් මේ ආකාරයෙන් ඉන්දිය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද සිනමා නිර්මාණය ලෙස "දංගල් " සටහන් වන අතර එහි ආදායම් වාර්තාව ඇ.ඩො.මි.340කි.
මේ සද්ධන්ත සිනමා කර්මාන්තයෙන් යැපෙන පිරිස ඉතා විශාලය. චිත්රපට සඳහා ආහාර සැපයිම, වාහන සැපයිම, මල්,ගොඩනැගිලි,ජලය ආදි යටිතල පහසුම් සහ සේවා සපයන ආයතනයන් වි⁣ශාල ප්රමාණයකි. ⁣
අන්තර්ජාලය ඇසුරිනි
පෝල් කේ එස්

Comments

Popular posts from this blog