ධාරාවි - ආසියානු මුඩුක්කුවල රජ්ජුරුවෝ
ධාරාවි යනු ආසියාවේ විශාලතම මුඩුක්කුවයි.අපි හින්දි ච්ත්රපටවල දකින සුන්දර මුම්බායේම කොටසක පිහිටා ඇති ලොව තුන්වන විශාලතම මුඩුක්කුව මෙය වේ.
1884 යටත් විජිත සමයේදි මෙහි ජනපදකරනය ආරම්භය සිදුවු අතර එතෙක් මෙහි කෝලි නම් කුලයට අයත් මසුන් මරන්නන්ගේ ජනපදයක්ව පැවති අතර koliwada යන නමින් හඳුන්වා ඇත.
රජයට අයත් අක්කර 535 ක භුමියක විසිරි අැති මෙම ජනපදය මෙක්සිකෝවේ neza-chalco-itzu හා කරච්චියේ orngi ජනපදයන්ට පසු විශාලතම ජනපදයයි. මෙම ප්රදේශයේ මිලියන 1.2 ක ජනතාවක් වාසය කරන අතර, එය හෙක්ටයාරයකට 2900ක සාමාන්යක් ගනී.මෙම ජනගහනයට සාපේක්ෂව ගත් කල සෞඛ්යාරක්ෂිත පහසුකම් ඉතාමත් පහල අගයක් ගනී. මෙහි වැසිකලි පහසුකම් ඇත්තේ පුද්ගලයන් 1450 කටම එකකි.
යටත් විජිත සමයත් සමඟම නගරයට අවශ්ය වාණිජ කර්මාන්තයන් බොහෝමයක් මෙම පෙදෙස ආශ්රිතව ආරම්භ කර ඇත. එක් එක් කුලයන්ට අයිති පිරිස් මෙහි පදිංචි කරවා අදාල කර්මාන්තයන් පවත්වාගෙන ගොස් අැති අතර රෙදිපිලි වියුම්, කුඹල්,සම් භාණ්ඩ, යකඩ ආදි කර්මාන්තයන්ට අදාල අයවලුන් ආරම්භයේදි මෙහි පදිංචිව සිටි අතර නාගරීකරණය පුලුල් වත්ම පෙර කී කුලවලට සිමා නොවි විවිධ කුල,ජාතින් සහ ආගම්වලට අයත් පිරිසගෙන් මෙම ප්රදේශය අක්කර 535 ක් පුරා විහිදිනි.
වර්තමානයේ මුම්බායි නගරයේ අඩු ආදායම්ලාභි, කරකර්මාන්තශාලා සේවකයින් බොහෝමයක වාසස්ථානය ධාරාවි වේ.මෙහි සියලුම දේ පිහිටා ඇත.සුපිරි වෙලඳසැල්,තැබෑරැම්,ආගමික සිද්ධස්ථාන ආදි සෑම දෙයක්ම ඇත.
මෙහි ජනගහනයෙන් 30% මුස්ලිම්ද 6% ක්රිස්තියානින් සහ 63% ක් හින්දු භක්තිකයන් වේ.ඉතිරිය අනිකුත් විවිධ ආගම් අදහන්නන් වෙති.
මෙහි වාර්ෂිකව ඇ.ඩො.මි.650ක පමණ ආදායමක් ලබන අතර එය ටොන්ගෝ,කිරිබතී වැනි රාජ්යන්වල ආදායමටත් වඩා ඉහල බව පැවසේ. මෙහි 500කට අධික විවිධ කර්මාන්තයන් පිහිටා තිබෙන අතර, 15,000 කට අධික තනි කාමර කර්මාන්තශාලාවන් මෙම ජනපදය පුරා පිහිටා ඇත.මේවා තුල බහුතරයක් ප්රතිචක්රිකරණ කර්මාන්තයන් වේ.තවද රෙදිපිලි වියුම්, මැටි භාන්ඩ හා සම් භාන්ඩ ආශ්රිත නිෂ්පාදන සිදු කෙරෙන අතර මෙම නිෂ්පාදන බොහෝමයක් අන්තර්ජාලයේ අලෙවි කරනු ලබයි.
අනෙකුත් මුඩුක්කු ජනපදවලට සාපේක්ෂව මෙහි සාක්ෂරතාව 69% ක අගයක් ගනු ලබන අතර, මෙහි බොහෝ ගැහැනු දරැවනි ඇන්ඩ්රොයිඩ් දුරකතනයන්ට අදාල App සැදිමට වර්තමානයේ පෙළඹි සිටිති.
Slumdog Millionaire , Dharavi, Kala වැනි බොහෝ සිනමා නිර්මාණයන්ට පසුබිම් වී අැති මෙම ජනපදය වරින්වර විශාල වසංගත තත්ත්වයන්ට මුහුන දි අැත.කොලරාව, පෝලියෝ, උණ සන්නිපාතය ආදි ව්යවසනයන් නිසා බොහෝ මරණයන් සිදුව ඇති අතර, වර්තමානයේදිදි ඉතාමත් පහල මට්ටමක පවතින සනීපාරක්ෂක පහසුකම් නිසා පෙනහලු පිළිකා,ක්ෂය රෝගය,ඇදුම ආදි රෝගයන්ට ගොදුරැව විශාල ජිවිත ප්රමාණයක් අහිමි වේ.වර්තමානයේ කොරෝනා වසංගතය නිසා දැඩි තර්ජනයක් ධාරාවි වෙත එල්ල වී ඇත.
සුන්දර ජවනිකා තුල සුරංගනා ලෝක මවන බොලිවුඩය පිහිටි මුම්බායේම පිහිටි මෙම මුඩුක්කුව අැති නැති පරතරයේ සුවිසල් සළකුණකි.කිහිප වරක්ම මෙම ප්රදේශය නැවත සංවර්ධනය සඳහා කටයුතු සිදු කලද ජනතාවට ඉන්ලැබෙන සෙතක් නැති බව නම් පෙනේ.

Comments
Post a Comment