අපි නොදන්න ඉන්දියානු සිනමාව අපේ රටේ බහුතර සිනමා ලෝලීන්ගේ සිනමා නිර්මාණ නැරඹීමේ ආරම්භය හෝ වත්මන් නැරඹීම ඉන්දියානු සිනමා පට හා බැඳුනු එකක් වන බව නම් කිව යුතුමයි.ඒ අනුව ඉන්දියානු සිනමාව හා අප අතර ඇත්තේ ලොකු බැඳිමක්.අප රටේ සිනමා නිර්මාණයන්ද ආරම්භක අවදියේ මෙන්ම වර්තමානයේද ඉන්දිය සිනමාවේ ආභාෂය ලබන බව අපි සැම දන්නා කරැණක්. මේ අපි දන්න ඉන්දියානු සිනමාව ගැන නොදන්න කරැණු කිහිපයක් බොහෝ විට ඔබ මින් පෙරද මෙි පිළිබඳව අසා තිබෙන්නටත් පුලුවන්.අපේ රටේ වගේම ඉන්දියාවට සිනමා පට හඳුන්වාදෙනු ලබන්නේ බ් රිතාන් යයන් විසින්.යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවේ සිටි බ් රිතාන් යයන් විසින් මෙම සලරෑ ප් රදර්ශනය කර තිබුනා. ඉන්දියාවේ පළමු සිනමා නිර්මාණය 1912 දී ශ් රී පන්ඩාලික් (shree pundalik) වශයෙන් හැඳින්වුවද එය ජායාරෑප ආශ් රයෙන් සිදු කල නිර්මාණයක් බැවින් එය සිනමා නිර්මාණයක් ලෙස පිලිගන්නට පසුබට වීමක් දක්නට ලැබුනා. ඉන් පසුව 1913 දී ඉන්දියානු සිනමාවේ පියා ලෙස විරැදාවලිය ලත් දදාසාහෙබ් පාල්කේ (Dadasaheb Phalke) විසින් නිමවන ලද "රාජා හරිෂ්චන්ද් ර" පලමු සලරැව ලෙස වාර්තා අතරට එක්වනවා. ඉන්දි...